Youtube, TikTok සමග තරඟ කළ හැකි “Shorts” හදයි.

tik tok app

මිලියන 41 ක්‍රියාකාරී පරිශීලකයින් (චීනයෙන් පිටත) සිටින TikTok ලෝක තරුණ පිරිස් අතර මහත් ප්‍රිය වූ mobile App එකක් වෙනවා. Lip Sync video නිර්මාණය කරන App අතරින් TikTok ප්‍රධාන තැනක් ගන්නවා. විශාල Editing Tool ප්‍රමාණයක් මෙම app එක සතු වීම පරිශීලකයින් තම නිර්මාණ ඉතා ආකර්ෂණීය ලෙස සැකසීමට හැකිවීම මෙම ජනප්‍රියත්වයට හේතුවක් ලෙස සැලකිය හැක .

පසුගිය මස 12 කාලය තුළ මිලියන 842 වතාවක්  Apple හා Google app stores හරහා භාගත කිරීම් සිදු කෙරී ඇත. Youtube, වෙළඳ දැන්වීම් ප්‍රචාරණය තුළින් බිලියන 15 ක  ආදායමක් පසුගිය වසර තුළ උපාය ඇත. TikTok, සාපේක්ෂව කුඩා App එකක් වුවත් එය මිලියන 177  ආදායමක් ඉපයීමට සමත්ව ඇත.

කෙසේ නමුත් Google සමාගම විසින් Shorts නමින් ව්‍යාපෘතියකට අත ගසා ඇත්තේ TikTok සමග සම සමව තරඟ කළ හැකි app එකක් නිර්මාණය කිරීමයි. 2020 අවසන මෙය නිකුත් කිරීමට එම ආයතනය බලාපොරොතුවෙන් සිටී. මෙමගින් කෙටි video නිර්මාණය කිරීමට හැකි වෙන අතර එහි ඇති Musics,Songs නිර්මාණකරුවන්ට භාවිතා කිරීමට හැකිවෙනවා. Google සමාගම විසින් නිර්මාණය කරන “Shorts”, TikTok කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කර සිටී .

Please follow and like us:

Related posts

Leave a Reply