ShopHere.lk ඔන්ලයින් shop එක

FB_IMG_1585849600585.jpgC-19 වසංගත තත්වය සමග නිවසට පමනක් සිමා වි සිටින ඔබට මුහුණ දිමට සිදුව ඇත්තෙ මහත් වු ගැටලු රාසියකටය.

එදිනෙදා අවශ්‍ය ආහාර සහ අනෙකුත් අවශ්‍යතා මිල දි ගැනිම සදහා එලියට පැමිණි මහත් වු ගැටලුවක් ව ඇත. මෙයට විසදුමක් ලෙස, භාෂා සමාගම shophere.lk නමින් අන්තරජාලය හරහා මිල දි ගත හැකි ආකාරයේ ක්‍රමවේදයක් සකස් කර ඇත.

තව ආකාරයකින් කියනවා නම්, ඔබෙ ප්‍රදේශයේ ඇති වෙලදාම් කරන ආයතන වෙලට shophere වෙත ලියාපදිංචි විමට පහසුකම් සලසා ඒ තුලින් ඔබට හැකි වෙනවා ඒම ආයතන වලින් මිල දි ගැනිම් සිදු කරන්න . මෙහි විශේෂත්වය වන්නෙ ඔබෙ ප්‍රදේශයෙන්ම ලියාපදිංචි වි ඇති shop තුලින්ම මිල දි ගැනිමට ඇති හැකියාව යි.

උදාහරණයක් ලෙස මෙහි ලියාපදිංචි වී ඇති SMART Super Shop තුලින් වේයන්ගොඩ නිට්ටබුව යන ප්‍රදේශ වලට තම සේවාව සපයනු ලබයි. දැනටමත් ආයතන විශාල ප්‍රමානයක් මෙය හා සම්බන්ද වෙමින් පවතී.

එම ආයතනය පවසන ආකාරයට, මෙම සේවාව නොමිලේ ඔවුන් විසින් ලබා දී ඇත. නමුත් මෙහි ලියාපදිංච ව පවතින ආයතන මගින් මිල දී ගැනීම් සිදු කල විට ගෙවීම් ඔවුන් පවසන ආකාරයට කල හැක.

“දැනට ShopHere සේවාව හරහා ඔබට බාර ගත හැක්කේ Online Orders පමණයි. මුදල් ලබාගැනීම සඳහා Cash on Delivery නොහොත් භාණ්ඩය deliver කරන විට මුදල් ලබාගැනීමේ ක්‍රමවේදය දැනට ඔබට භාවිතා කළ හැකියි. ඉදිරියේදී ඔබේ Online Shop එකෙන් ඍජුවම මුදල් ගෙවීමද Online ලබාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇති.”

මෙවැනි ක්‍රම වේදයක් තුලින් C-19 ව්‍යාප්තිය යම්තාක් දුරට හෝ වලක්වා ගැනීමේ හැක්යාවක් සැලසේ සහ පිඩාවට පත්ව ඇති ජනයාට සහනයකි .

Please follow and like us:

Related posts

Leave a Reply