ඔබේ ජිවිතයේ පුරුදක් ලෙස අවදි වීමෙන් පසු තම ඇද දිනපතා සකසන්න, එය ඔබේ ජිවිතේ සාර්ථකත්වයට ගෙන යන පළමු පියවර වෙනවා. මේ විදිහට කියන්නේ ඇමෙරිකානු Navy Seal බලකායේ හිටපු අද්මිරාල් කෙනෙක් වගේම ප්රසිද්ධ දේශකයෙක් වෙන William H. McCraven ය.
ඔබේ ඇද සෑම උදෑසනකම සැකසීමෙන් දවසේ පළමු කාර්ය සම්පුර්ණ ඉටු කලා වෙනවා, එත් එක්කම පොඩි උද්යෝගිමත් හැගීමක් ඇතිවනවා, තමාට තව මෙවැනි කාර්යන් රාශියක් කිරීමට උද්යෝගයක් තම සිත තුල ඇතිවෙනවා. දවස ගෙවෙන කොට නොදැනීම මෙවන් කාර්යන් විශාල ප්රමාණයක් ඉටු කර අවසන්ය.
ඔබේ ඇද සැකසීම ඔබේ ජිවිතේ ඉතා කුඩා කාර්යක් වනවා. කුඩා දෙයක් උවත් හරියට කල නොහැකි නම්, ඔබගේ විශාල බලාපොරොතු ඉටු කර ගැනීමට කොහෙත්ම කල හැක්කක් නොවේ.
ඉතින් තමන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන්න කුඩාවට පටන් ගන්න. මේ වගේම ලිපියක් අරගෙන අපි අයෙත් එනවා Read in Minute තුලින්. ඔබට සුභ දවසක්.