සාර්ථක මිනිසෙකු උදෑසන සිදු කල යුතු හොඳ පුරුදු 4ක්

ඔබ උදෑසන පටන් ගන්න ආකාරය ඔබේ දවසේ ඉතිරිය ගෙවෙන ආකාරය තීරණය කරනවා. ඒ නිසා තමා ලෝකයේ ඉතා සාර්ථක මිනිසුන් තමන්ගේ උදෑසන චර්‍යාවන් හරි පිළිවෙළකට, එකම ආකාරයකට සහ තදින්ම අනුගමනය කරන්නේ. ඔබටත් ඔබේ දවසේ කාර්යයන් සාර්ථකව ඉටු කරන්න සහ ඉතා ඵලදායී පුද්ගලයෙකු වන්නට පහත උදෑසන සිදුකළ යුතු හොඳ පුරුදු 4 ඔබේ ජීවිතයට ළංකර ගන්න.

1. උදෑසන අවදි වන්න.

සාර්ථක මිනිසුන් වැඩිපුර නිදා ගන්නේ නෑ. ඔවුන් උදෑසන අවදිවෙනවා සහ දවස ඉතා ජවයෙන් පටන් ගන්න සුදානම් වෙනවා. Apple සමාගමේ CEO Tim Cook , Xerox සමාගමේ CEO Ursula Burns වගේ අය උදෑසන අවදිවන පුද්ගලයන් අතරට එක් වෙනවා. උදෑසන අවදිවීම තුළින්, හිතාමතාම වැඩ කල් දමන සිතුවිල්ල (Procrastination) තමන් තුළින් ඉවත් කරගැනීමට හැකිවෙන බව අධ්‍යයන වලින් හෙළිවෙලා තියනවා. ඔබ අවදිවීමට ප්‍රමාද වන අයෙක් නම් දැන් අවදිවන වෙලාවට වඩා විනාඩි 10, 20 කට කලින් අවදිවන්න. සති කිහිපයක් මෙලෙස කිරීමෙන් තමන් අවදිවීමට බලාපොරොත්තු වන වෙලාවට ක්‍රමයෙන් ළඟාවන්න. උදෑසන අවදිවීමෙන් ආතතියෙන් තොරව දවස පටන් ගන්න ඔබට පුළුවන් වෙනවා.

2. උදෑසන ව්‍යායාම ලබාගන්න.

සාර්ථක මිනිසුන් තමන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් ලොකු ආයෝජනයක් සිදු කරනවා ඒ උදෑසන සිදු කරන ව්‍යායාම කිහිපය. ප්‍රතිඵලය ඉතා විස්මයජනක එකකි. ඒ තමන්ගේ ශරීරය සහ මනස එක්තැන්ව තබා දවසේ වැඩ ටික කර ගැනීමට හැකිවීමයි. ව්‍යායාම තුළින් දවසේ වැඩ ටික කරන්න අවශ්‍ය ශක්තිය ඔබගේ ශරීරයට ලැබෙනවා.

3. ඔබ ඔබව පොළඹවා ගන්න

අපේ සිතේ Motivation එකක් නැති වෙනකොට කිසිදු කාර්යයක් කිරීමට සිත යොමු වීම ඉතා අඩුය. ඒක නිසා තමන්ට තමාව අභිප්‍රේරණය කර ගැනීමට සිදුවෙනවා. ලෝකයේ සාර්ථක මිනිසුන් උදෑසන භාවනා කිරීම, පොත් කියවීම, ගීතයකට සවන්දීම, Motivation එකක් දැනෙන වැකියක් කියවීම වගේ දේවල් සිදු කරනවා. මේවා තුළින් ධනාත්මක සිතුවිලි තම මනසට ලබා දෙනවා. ප්‍රතිඵලය, දවසේ කාර්යයන් හොද අවධානයකින් සිදු කිරීමට හැකිවෙනවා.

4.උදෑසනම දවසේ අමාරුම රාජකාරිය ඉටු කරන්න

ලෝ ප්‍රකට Mark Twain වරක කියා සිටියේ “Eat a live frog first thing in the morning, and nothing worse will happen to you the ලෝ ප්‍රකට Mark Twain වරක කියා සිටියේ “Eat a live frog first thing in the morning, and nothing worse will happen to you the rest of the day.” තව විදිහකට කියනවා නම් උදෑසනම ඉතා භාරදූර්‍ය කාර්යය ඉටුකරන ලෙසටය. එයින් දවසේ ඉතිරි කාර්යයන් ඉතා සාර්ථකව නිම කිරීමට හැකි වන බවය.ඔබ දවස පටන්ගන්න විට මහත් ශක්තියක් ඔබ සතුවෙනවා . එම නිසා ඒ ශක්තිය වැය කරලා මේ අමාරු කාර්යය කිරීමට හැකිවෙනවා.

“Eat a live frog first thing in the morning, and nothing worse will happen to you the rest of the day.”

Mark Twain

ඔබ අවදිවෙන සෑම උදෑසනකම ඔබට අවස්ථාවක් තියනවා ඔබගේ සාර්ථකත්වය කරා ළඟාවන්න. ලෝකයේ ගොඩක් මිනිසුන් තමන්ගේ රැකියාව, ව්‍යාපාර තුළින් ගොඩක් ඉදිරියට ගිහින් තියනවා. ඒ ඔවුන්ට අනන්‍යය වූ දවසේ ආරම්භයක් තියන නිසා. ඔබත් මෙවන් ක්‍රමවේදයක් ඔබේ ජිවිතේට ළඟා කරගන්න, අද සහ ඉදිරිය සාර්ථක කර ගන්න. මේ වගේම ලිපියක් අරගෙන අපි ආයෙත් එනවා Read in Minute තුළින්. ඔබට සුබ දවසක්.

Please follow and like us:

Related posts

Leave a Reply