ගෙදරක දෝණි

ගෙදරක දෝණියක් ඉන්නවා කියන්නෙ ඒ ගෙදරම එළිය වැටෙනවා කියන එකයි. ගෙදරක මිණිපහන ඒ ගෙදර ඉන්න දෝණියයි. අද කාලෙ ගෙදරක ඉන්න දෝණිය ගෙදර අයට ලොකු ශක්තියක් වෙන අවස්ථා ඕන තරම්. ඉතින් එතකොට එහෙම බලද්දි දුවක් ඉන්න ගෙදරක් හරිම වාසනාවන්තයි.

ඒත්, ඉතින් ඉස්සර අතීතයේදී  මේක හුගාක් වෙනස්. අතීතයේ ගෙදරක පුතෙක් ඉපදුනොත් ඒක මුළු ගෙදරටම සුබ යැයිද , දියණියක් ඉපදුනොත් ඒක අසුබ යැයිද මතයක් තිබුණා.

හැබැයි ඒ අතීතයේ. අද වෙනකොට ඒ මතය හුගාක් වෙනස්වෙලා තියෙන්නෙ. පරණ මතයන් බොරු කරමින් අද වෙනකොට දියණිවරු ගෙවල්වලට වාසනාව කැන්දනවා. ඒක මම ඔබ අප කවුරුත් දන්නා කරුණක් වෙලා ඉවරයි.

ගෙදරට එළිය එක් කරමින් පුංචි දෝණියක් ඒ ගෙදරට එකතුවෙනවා කියන්නෙ තවත් ඉතින් මොනවද.
හඳ පෑව්වා වගේ තමයි ඉතින්.

ඒත්..පොඩි කාල ඉඳලම දුවක් හැදුවට මොකද අනිවාර්යයෙන්ම ඒ දුවව අයිති පිටට. මිනිස්සු නිකමට කියනවනෙ. දුවෙක් කියන්නෙ ඉතින් පිටට තමයි කියලා.

ඒක තමයි තියෙන එකම දුක. පොඩි කාලෙ ඉඳන්ම ආදරෙන් අම්මා තාත්තා ළඟ හැදිල වැඩිල පිට ගෙදරකට යන්න වෙන එක. ඉතින් එහෙම උනාම ගෙදරට හිටපු  මිණිපහන වෙන ගෙදරක් එළිය කරන්න යනවා.

ඒ යන්නෙත් තමන් පොඩිකාලෙ ඉඳලම හැදුණු වැඩුණු ගෙදර , දෙමව්පියො , සහෝදර-සහෝදරියො අතහැරලා දාලා. ඒක මොන තරම් දුකක් ද. ඒ, දුවට විතරක් නෙමේ. පොඩිකාලෙ ඉඳන්ම ඒ දුවගෙ හැමදෙයක්ම කරපු ඒ අම්මට තාත්තට වුණත්.

ඒත් ඉතින් මොනවා කරන්නද. ඒක තමයි ලෝක ස්වභාවය. විවාහයක් කරගත්තු දවසක අනිවාර්යයෙන්ම ගෙදරක දුවෙක් ඉන්නවා නම් වෙන ගෙදරකට යන්න වෙනවාමයි.

පවුලේ දරුවො කීපදෙනෙක් ඉන්න ගෙදරක නම් එහෙම ගියාට කමක් නෑ. ඒත්. ඉන්නෙ එකම එක ගෑනු දරුවෙක් විතරයි නම්.

මොහොතක් හිතන්න.
ඔබටයි මේ අවස්ථාව.

Please follow and like us:

Related posts

Leave a Reply