ඔබේ ව්‍යාපාරය Covid වෙලින් පස්සේ නැවත ගොඩනගන්න මේ උපෙදෙස් 5 පිළිපදින්න

මුළු ලෝකයම Covid හේතුවෙන් මහත් අර්බුධයකට පත්ව තිබෙනවා.එත් එක්කම කුඩා, මධ්‍ය, මහා පරිමාණ ව්‍යාපාර වලට තදින්ම දැනෙන්නට පටන්ගෙන තිබෙනවා. එහෙත් සමහර ආයතන Covid අවස්ථාවක් ලෙස සලකා නව නිපැයුම් හරහා මුදල් උපයන අවස්ථා නැතුවා නොවේ. ලෝ ප්‍රකට Ford සමාගම මුහුණු ආවරණ නිපදවා ඇමෙරිකාව සෞඛ්‍යය අංශ වෙත ලබා දෙමින් සිටී. ඒ වගේම Louis Vuitton සමාගම සුවද විලවුන් නිපදවීම නවතා Hand Sanitizer නිපදවීම ආරම්භ කර ඇත.

හරි කෙසේ නමුත් බලන්න පහත යෝජනා 5, තමන්ගේ ව්‍යාපාරය නැවත ගොඩනැංවීමට උපකාරී වනවාද කියලා.

1.ඔබගේ පාරිභෝගිකයාට කථා කරන්න සහ ඔහුට ඇහුම් කන් දෙන්න

මොනයම් ආකාරයකින් හෝ ඔබගේ පාරිභෝගිකයා සම්බන්ධ කරගන්න ඔහුගෙන් ප්‍රශ්න අසන්න ඔහුට මේ වෙලාවේ අවශ්‍ය මොනවද යන්න දැනගන්න. මේ පතින තත්වය යටතේ වෙළදපොල වෙනස් වෙමින් පවතී ව්‍යාපාරිකයන් විදිහට පාරිභෝගිකයා ගැන විවෘර්ත මනසකින් සහ අවධානයකින් සිටිය යුතුය. පාරිභෝගිකයාගේ අවශ්‍යතා ක්ෂණයෙන් වෙනස් වෙනවා. ව්‍යාපාරික ඔබ එවැනි දෑ හොදින් අවබෝධ කර ගන්න ඔනෑ . ඒ ඔස්සේ ඔබ පාරිභෝගිකයා වෙනුවෙන් යමක් කල යුතුය.

2. අවස්ථාවන් සොයා යන්න.

පාරිභෝගිකයා බාහිර පරිසරය සමග පවත්වන සබඳතා යම් සීමා විමක් සිදු වි ඇත. ඒ හෙයින් බොහෝමයක් ව්‍යාපාර පාරිභෝගිකයා වෙතට ලගා විමට සිදු වෙලා. මේ තත්වය අනුව ඔබටත් ඔබෙගෙ ව්‍යාපාරය පාරිභෝගිකයා වෙත ගෙනයාමට නිර්මාශිලි ක්‍රමවේදයක් සකසා ගත යුතුය. සමාජ ජාලා මාධ්‍ය, මැසෙන්ජ්ර් සේවා, Mobile Aplications, Web site වගේ දේවල් යොදා ගැනිම බහුලව දැකිය හැක.

3.වියදම් කපා හරින්න

පසුගිය මාස වෙලට සාපේක්ෂව ඉදිරි මාස සදහා වියදම් අඩු කිරිම සදහා කල හැකි උපරිම දේ කරන්න. කුලී පදනම යටතේ තිබෙන ගොඩනගිල්ලේ කුලීය, කුලී කරු සමග සාකච්ඡා කර අඩු කර ගන්න. කුලී පදනම මත ගත් වාහන අවමය දක්වා අඩු කරන්න. බැංකු සමඟ සාකච්ඡා කර ණය වාරික මුදල අඩුකර ගැනිමට හෝ තව මාස කිහිපයක් ප්‍රමාද කර ගන්න. මෙලෙස තම ව්‍යාපාර මුදල් සංච්ත ඇති කරගෙන මෙම අර්බුදය අවසන නැවත නැගිසිටිමට සුදානම් වෙන්න.

4.ඔබේ ව්‍යපාරයේ වටිනාකම්, ඔබේ පාරිභෝගිකයා,සමාජය වෙත ගෙනයන්න.

බොහොමයක් ආයතන තම සේවකයන් සදහා ඉදිරි මාස තුනක වැටුප් ලබාදීමට කටයුතු කලා. තවත් සමහර ආයතන තම සේවාවන් නොමිලේ තම පාරිභෝගිකයන්ට ලබා දුන්නා. මෙලෙස තම ආයතන වටිනාකම් පාරිභෝගිකයන් හා සමාජය සමඟ බෙදා ගැනිම තම ව්‍යාපාරය පිලිබඳ සමාජය තුල ඇති වන ආකල්පය ඉතා ධනාත්මකයි. එය ව්‍යපාරයේ අනාගතයට ඉතා වාසි සහගතයි.

5. ඉදිරි අවුරුදු දෙක තුල ව්‍යාපාරය සැලසුම් කරන්න.

ඉදිරි අවුරුදු 2 තුල තම ව්‍යපාරයේ සොභාවය මොන අකාරයට විය යුතු ද යන්න දිර්ග කාලීන සැලසුමක් සකසා ගන්න. නව නිෂ්පාදන හා සේවා පාරිභෝගිකයා වෙත හදුන්වා දෙන්න. ඒවායේ ගුනාත්මකභාවය, මිලෙන් අඩුවීම, පාරිභෝගිකයාට කේවල කිරිමේ හැකියාව වගේ කාරණා සලකා බැලිමට ඔබට සිදු වෙවි.

Please follow and like us:

Leave a Reply