ලාවුළු කියන්නේ ඉතාම ගුණදායක අපූර්ව පළතුරකි. එහෙත් බොහෝදෙනා ප්‍රතික්ෂේප කරන පළතුරු අතරට මෙම පළතුර ද එක්වේ. ඒ, ලාවුළුවල වටිනාකම නොදන්නා බැවිනි. නමුත් මෙම පළතුර මගින් ලැබෙන ප්‍රයෝජන මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.
ශරීර ශක්තිය වඩවන පළතුරක් ලෙස අතීතයේ සිටම භාවිත කර ඇති ලාවුළු ප්‍රෝටීන් , මේදය , කාබෝහයිඩ්රේට්..වැනි මූලික පෝෂණ සංඝටකයන්ගෙන් අනූන වූ ඉතා වටිනා පළතුරක් ලෙස ද හැඳින්විය හැකිය. නූතන පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ පිළිකා නාශක ගුණයකින් යුතු ලාවුළු පිළිකා සෛල හටගැනීම වළක්වාලීමේ ගුණයෙන් ද යුතු බවයි.
ලාවුළුවල වැදගත්කම..
- සම පැහැපත් කර නීරෝගී සමක් ලබාදෙයි.
- පිත් හා වාත දෝෂ සමනය කරයි.
- බෝවන රෝගවලින් මිදීමට ශරීරයට අවශ්‍ය ආරක්ෂාව සලසයි.
- ඉහළ යකඩ සංයුක්තයකින් හෙබි නිසා හිමොග්ලොබින් අඩු පුද්ගලයන් සඳහා ද ගුණදායකයි.
- සිරුර පෘෂ්ඨිමත් කරයි.
- මළබද්ධය දුරලයි.
- දේහයේ සෛල අනවශ්‍ය ලෙස බිඳවැටීම පාලනය කරයි. එම නිසා ස්නායු පද්ධතිය ආශ්රිත රෝග සඳහා ද ඔසුවකි.
- ප්‍රතිශක්තිකරණය වඩවයි.
- වයස්ගත වීම පාලනය කරයි.
- සිරුරේ නැසීගිය ධාතු වඩවයි.
- මොළයේ ස්නායු සෛල ආරක්ෂා කරයි.
- මතකය අඩු රෝගීන්ට ගුණදායකයි.
- සන්ධි ආශ්රිත වේදනාවලට යෝග්‍යයි.
- නීරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට ද සුදුසුයි.
- නින්ද නොයන රෝගීන්ට ද හිතකරයි.
- අක්ෂි රෝග සඳහා ද සුදුසුයි.
- සිරුර සිසිල් කරයි.
- මානසික ආතතිය,කාංසාව වැනි තත්ත්වයන්ට හිතකරයි.
මෙලෙස බොහෝ වැදගත්කම් රාශියක් ලබාදෙන ලාවුළු සැබැවින්ම අග්‍රගන්‍ය පළතුරක් බව නොරහසකි. මෙපමණ ද නොව,දියවැඩියා රෝගීන්ට ද ගුණදායක පළතුරක් වන මෙය හෘදරෝග සඳහා ද කදිම දිව ඔසුවකි. කොලෙස්ටරෝල් මට්ටම පාලනයට ද මෙය උචිතය. අධිරුධිර පීඩනයට ද සුදුසු පළතුරක් වන මෙහි ඉහළ පොටෑසියම් ගුණයක් අන්තර්ගතය. එනිසා මෙම පළතුර වකුගඩු රෝගීන් සඳහා සුදුසු පළතුරක් නොවන බව මතක් කළ යුතුමය.
*ලාවුළු 100g අඩංගු පෝෂණ සංඝටකයන්..
•ශක්තිය- කිලෝ කැලරි – 138.8
•කාබෝහයිඩ්රේට් – ග්‍රෑම් 37
•ආහාරමය තන්තු – ග්‍රෑම්10
•මේදය – ග්‍රෑම්13
•ප්‍රෝටීන – ග්‍රෑම් 2.5
•තයමින්(B1) – මිලිග්‍රෑම් 0.17
•රයිබොෆ්ලේවින්(B2) – මිලිග්‍රෑම් 0.01
•නියැසින්(B3) – මිලිග්‍රෑම් 3.7
•විටමින් සී – මිලිග්‍රෑම් 43
•කැල්සියම් – මිලිග්‍රෑම් 26.5
•යකඩ – මිලිග්‍රෑම් 0.92
•පොස්පරස් – මිලිග්‍රෑම් 37